ලංකාවෙත් ගිනි කදු තිබිලා
ශ්‍රි ලංකාව කියන්නෙ ගිනි කදු වලින් තොර රටක් වශයෙන් හැදුන්වුවත් ඉතා ඈත අතීතයේ ගිනි කන්දක් මතු වී ඇති බව බොහෝ දෙනෙකු නොදනී. එය සිදු වී ඇත්තේ කොත්මලේ කොත්තුනුගොඩ ප්‍රදේශයේය. මෙය ඇසු පමනින්ම සමහරුන් මෙය අසත්‍යයක් යැයි සිතන්න පුලුවන්. නමුත් මා මෙසේ කියන්නේ මේ සදහා ප්‍රමාණවත් සාක්ෂි මා විසින් අත්දැක තිබෙන නිසාය. ඒ සදහා සාක්ෂි මෙසේය.1.දැනට දක්නට තිබෙන ගැඹුරක් නොදන්නා වලවල්. මේවා කොත් වලවල් ලෙස හදුන්වයි. ගිනි කදු මතු වීමෙන් මෙම වලවල් සෑදුනු බවට විශ්වාස කරයි.
2.කොත්මලේ ප්‍රදේශය ඈත අතීතයේ යකඩ වලට ප්‍රසිද්ද වී තිබුනි. මෙම යකඩ සෑදිමට ගත් ලෝහ ගිනි කන්දෙන් මතු වු ඒවා බව විශ්වාස කරයි.
දුටුගැමුණු රජතුමා පවා යුද්ධයට අවශ්‍ය ආයුධ සාදවා ගත්තේ කොත්මලේ ප්‍රදේශයෙන් බව සදහන්ය.
3.ජනප්‍රවාද සහ කොත්මලේ පිලිබද ලියැවුනු පොත් මගින්ද ගිනි කන්දක් ඇතිවු බව තහවුරු කරයි.
4.දැනටද මෙම ප්‍රදේශයෙන් හමු වන ලෝහමය ගල් කුට්ටි(යබොර). මේවා සාමාන්‍ය ගල් මෙන් නොව ඉතාමත් ශක්තිමත් සහ අධික බරකින්ද යුක්තය.
කොත් වලවල් ඇතිවූ ආකාරය ගැන ජනප්‍රවාද වලින් පැමිනි විවිධ කතන්දර ඇත. ඒවාට අනුව එම ස්ථානයේ විටින් විට කොත් තුනක් මතුවී නැවත එවා ගිලා බැස්ස බව සදහන්වේ. මෙය සමන්ත ජයසුන්දර මහතාගේ ගැමුණු කුමරු සහ කොත්මලේ ජනකතා පොතේ සහ පී.ඩී. දසනායක මහතාගේ දරුවකු බිලිගත් රන් පුහුලය පොතේද අලංකාරව විස්තර කර ඇත. දරුවකු බිලිගත් රන් පුහුලය පොතේ සදහන් අයුරින්ම එය මෙසේ දක්වමි.
දිනක් කන්කාරියට බෙරකරුවන් තුන් දෙනෙක් යමින් සිටියා.රෑ බෝවි යන මෙ ගමනෙදී ඈත කන්දේ එක පාරටම ගිනිකන්දක් මතු වෙනව දැක්කා. බියට පත් ඔව්න් තුන් දෙනා කොතක් මතු උනා කියමින් බෙර ගහන්න පටන් ගත්තා. ටික වෙලවක් යනකොට තවත් ගිනි ගොඩක් අහස උසට මතු උනා. එත් එක්කම තවත් එක්කක් මතු විය.මුලු පලාතම එලිය උනා.කවදාවත් නොදුටු මෙ කොත් තුන දුටු මේ තිදෙනා බියට පත්ව යටිගිරියෙන් කෑ ගහුවා. ටික වෙලාවකින් කොත් තුනම අතුරුදන් උනා. ඉන් පසු කන්කාරිය පසෙක තබා ගම් බැස්ස ඔව්න් එක දිගට බෙර වයන්න පටන් ගත්තා. බෙර හඬ කුමක් දැයි විමසිමට මිනිසුන් ඔව්න් වෙතට දිව අවා. අහවල් කන්දේ විශාල කොත් තුනක් මතු උනා යයි බෙර කරුවෝ පවසුවා. ගම් වැසියන් කිප දෙනෙක් මෙය දැක තිබුන නිසා සියල්ලෝම එකතු වි කොත් තුන මතු වුන තැනට ගියා. බලන විට විශාල කුහර තුනක් සෑදී ඇති බව දක්කා. කොත් තුනක් මතු උන නිස එදා සිට කොත්තුනු ගොඩ කන්ද කියල කියන්න පටන් ගත්තා.
කොත්මලේ යන නම ඇතිවී ඇත්තේද මෙම සිද්දිය නිසාය. කොත් මතුවූ ප්‍රදේශය කොත්මලය නම් වු බවත්, කොත් තුනක් මතු වු බැවින් එම ස්ථානයට කොත්තුනුගොඩ යැයිද කියති. තවද කලපිටිය යන නම සෑදී ඇත්තේ කලල් පිටිය යන නමිනි. කලල් පිටිය යනු මඩ තැන්පත්වු පිටිය යන නමිනි. මෙහි මඩ ලෙස හදුන්වා ඇත්තේ ලෝ දිය විය හැක.
මෙම ස්ථානයේ දැනට දැක ගැනීමට තිබෙන්නේ ගැඹුරක් නොදන්නා වලවල් තුනක් සහ විශාල කානුවක් පමනකි. සාමාන්‍ය ලිදක් මෙන් විශාල මෙම වලවල් වල ගැඹුර කිසිවෙකු නොදනී. මෑත කාලයේ මෙහි තිබූ කුඩා ප්‍රමානයේ වලක් ක්‍රීඩා පිටියක් සෑදීම සදහා වසා දමා ඇති බවද මා කුඩා කල අසා ඇත. මාගේ අත්තම්මාගේ මුල් නිවස පිහිටියේද මේ ආසන්නයේය. මා ඇයගෙන් අසා දනගත් කරුණුද බොහෝය.
මෙම වලවල් වලට ගලක් දමූ විට එය දෙපස ගල් වල වදිමින් ඇතුලට වැටෙන ශබ්දය නොනවත්වා ඇසෙයි. එයින් මේවා ඉතා ගැඹුරු බව නිගමනය කල හැක. තවද මෙයින් ගැලූ ලෝ දිය හෝ යමක් මෙම කානුව දිගේ ඉවතට ගැලු බවද කියති. මෙම කානුව එක් පැත්තකින් කොත් වලකට සම්බන්ධ වී ඇති අතර අනික් කෙලවර කන්දේ බෑවුම පැත්තට විවෘතව පවතී.
මෙම කානුව තුලට බැසීමටද හැකියාවක් ඇත. මෙම කානුව විවෘත වන පැත්තේ කදු පාමුල ප්‍රදේශය නවන්ගම යැයි හදුන්වයී. මෙම ප්‍රදෙශය අතීතයේ යකඩ කර්මාන්තයට ප්‍රසිද්ධව තිබු බව සදහන් වේ. මෙයද ලෝ දිය ගැලු බවට සාක්ෂියකි දැන් මෙම ප්‍රදේශය ජලාශයට යට වී ඇත. ගැමුනු කුමරු පිය රජුට හොරෙන් සැගවී සිටියේද මේ ගමට ආසන්නවමය. ඔහු කම්මලට ගොස් යකඩ කැබැල්ලක් තලා තනිවම උදැල්ලක් තනා ගත බවද පොත් පත් වල සදහන් වේ.
මා මෙම කානුව දැක බලා ගැනීමට එම කානුව තුලට බැස්සෙමි. එය ඉතා දුශ්කර කාර්යක් වුයේ ගස් වැල් සහ පදුරු පීරමින් ගමන් කිරීමට සිදුවු නිසාය. මා කලින් අවස්ථා වලදී මෙම අගලට බැස ඇති නමුත් එහි ඇති බියකරු බව නිසා එය තුල ගමන් කිරීමට මැලිකමක් දැක්වීමි. මෙම අගල පළල අඩි 2-3 ක සිට අඩි 20-30 ක් පමන විශාල වන ස්ථාන ඇත. ගැඹුරද සමහර තැන් වලදි අඩි 20-30 පමන වේ.
ඉහලින් වැවී ඇති ගස් නිසා ඇතුලත කලුවර ස්වභාවයක් ගනියී. එම නිසා එහි ගමන් කිරීමද ඉතා අපහසුය.
සමහර ස්ථාන වල දෙපසින්ම ගල් බැම්මද සමහර ස්ථාන වල දෙපසින් පස් බැම්මද ඇත. මෙම කානුව පටන් ගන්නා තැනද තවත් එක් කොත් වලක් ඇත. මමද තවම එය දැක නොමත. එයට හේතුව එය වටේම ගස් හා පදුරු වලින් වැසී ඇති නිසා සහ එය අසලදී කානුවද ඉතාම පටු වීමයී.
මෙම කානුව දෙපස බිත්ති නැවත ලං වුවහොත් හරියටම එකතු වන ලෙස ගැලපෙයී. එයින් නිගමනය කල හැක්කේ මෙම අගල සෑදී ඇත්තේ භුමියේ සිදුවු පැලීමක් නිසා ඈත් වීමෙන් බවයී.
පහත චායාරූපයහි දැක්වෙන්නේ කොත්මලේ කලපිටිය ගම රතනසාර විදුහල ප්‍රදේශයෙන් සොයා ගත් යබොර ගල් කැබැල්ලකි. මෙම ගල් මෙම ප්‍රදෙශයේ භුමියෙන් නිතර හමුවේ. මෙම ගල් කැබැල්ල දෙස හොදින් බැලූ විට ද්‍රවයක් ලෙස ගලා සවි වු බවක් දක්නට ලැබේ. මෙයද මෙම ප්‍රදෙශයේ ගිනි කන්දක් ඇතිවුනු බව කියාපායි.
මෙම සිදුවීම බොහෝ දෙනෙකු දන්නා නමුදු මා දන්නා පරිදි මෙම ස්ථානය පිලිබද නිසි පරීක්ශණයක් තවමත් සිදු වී නොමැත. මෙම වලවල් වලින් දුමක් පිටවුවා යයී කතාවක් ඇතිවී මාධ්‍ය මගින් පවා පෙන්වුවා මට මතකය. නමුත් මෙම සිද්ධිය යටපත් වු පසු නැවතත් කොත් වලවල් කැලෑ වැදුනි. මේ ගැන දන්නා කොත්මලේ වාසීන් සිටින්නේද ඉතා අල්ප ප්‍රමාණයකි. මා මෙවැනි ලිපියක් ලිවීමට අදහස් කලේ අපේ රටේ සිදුවු මෙවැනි සිදුවීමක් සිදු වු බව නොදන්නා බොහෝ දෙනෙකු උදෙසා කොත්මලේ වැසියෙකු වශයෙන් මගේ යුතුකම් ඉටු කිරීමක් ලෙසයී.

